විදෙස් තරග සංචාරයක් නිමවා මෙරටට පැමිණීමෙන් අනතුරුව නිරෝධානයට ලක්කර සිටි ක්‍රීඩකයන් පිරිසක් නිරෝධායන නීති කඩකරමින් සාදයක් පවත්වා ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අදාල ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ.
මෙම චෝදනාව එල්ල වන්නේ පසුගියදා ඉන්දියාවේ පැවති අන්තර් ප්‍රාන්ත මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා මළල ක්‍රීඩක කණ්ඩායමටයි.
අදාල කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මාතර ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි අතර පසුව ඔවුන් කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය වෙත යොමුකර තිබිණි. එහිදී ඔවුන් නිරෝධායන නීති කඩකරමින් මත්පැන් සාදයක් පවත්වා ඇති බවට සුගතදාස ක්‍රීඩාංගන පාලනාධිකාරිය ක්‍රීඩා අමාත්‍යංශය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බවයි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ.
ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් සොයා බලන බවත් විනය විරෝධී හැසිරීම්වල නිරත වන බවට චෝදනා එල්ල වන ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ පමණක් නොව රටේ සියලු ක්ෂේත්‍රවල විනය බිඳවැටී ඇති බවත් ඒ නිසා ක්‍රීඩකයන්ගෙන් පමණක් විනයගරුක හැසිරීම් බලාපාරොත්තු විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
(LNW)