Monday, February 23, 2026
Follow Us
ඖෂධ අධිකාරියේ ලියාපදිංචි නැති අතිරේක ආහාර ෆාමසිවලින් ඉවතට

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියකින් තොරව අතිරේක ආහාර වශයෙන් නම් කරමින් ඖෂධ ශාලාවල විකිණීමට ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.


ඒ අනුව එම අධිකාරියේ ලියාපදිංචි කොට ඇති ‘කෝලකැල්සිෆෙරෝල්’ නම් ඖෂධීය නාමයෙන් යුතු විටමින් ඩී-3 අඩංගු ඖෂධ සහ එන්නත් වර්ග 19ක් පමණක් අලෙවිය සඳහා ඖෂධ ශාලවල තබාගැනීමට අවසර ලැ​බෙනු ඇත.

එම වර්ගයට අයත් නොවන අතිරේක ආහාර ගණයට අයත් ඖෂධ වර්ග සියල්ල ඉවත්කරන ලෙස මේ වන විටත් ඖෂධ ශාලා හිමියන් දැනුවත් කර තිබේ.

(Aruna)