ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කළ අනූෂ පැල්පිට මහතා ඊයේ (14) පෙරවරුවේ විෂය භාර ඇමැති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ, ජනාධිපති සහකාර ලේකම්, ජනාධිපති අරමුදල ගණකාධිකාරි, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා ලංකා පුවත් ආයතනයේ සභාපති, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සහ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා වසර 34ක රාජ්‍ය සේවයේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
පසුගිය ජුනි 22 වැනිදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් අනූෂ පැල්පිට මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52(1) වන අනුව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත.
මෙම අවස්ථාවට අගමැති ලේකම් ගාමිණි සෙනරත්, අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
(Dinamina)