Monday, February 23, 2026
Follow Us
කාන්තාවන් විකුණන වෙබ් අඩවි තහනම් කරන්න

උසාවි අවසරය ඉල්ලයි

ලිංගික කටයුතුවලට කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවි කිහිපයක් තහනම් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව අධිකරණයේ අවසර ඉල්ලා තිබේ.

ඒ සඳහා අවශ්‍ය අවසරය දීමට අධිකරණය විසින් අදාළ වෙබ් අඩවි සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන් කරුණු විමසීමක් කර ඇත.

මේ තහනම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයකු ඇතුළු රජයේ නීතිඥවරුන් කිහිප දෙනකු පත් කර තිබේ. ඒ අනුව විමර්ශන කඩිනම් කිරීමටත් සාක්ෂි නිසි ලෙස ගොනු කිරීමටත් අවශ්‍ය උපදෙස් ඔවුහු මේ වන විට දෙමින් සිටිති.

(Dinamina)