ඇමැති මහින්දානන්ද සමාගම්වලට කියයි
ජනතාවට අවශ්‍ය සියලු පොහොර දින තුනක් ඇතුළත නිකුත් කිරීමට පියවර නොගත හොත් පොහොර බෙදා හැරීම රාජ්‍ය පොහොර සමාගම් හරහා කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෞද්ගලික පොහොර සමාගම් නිලධාරීන්ට ඊයේ (14) පැවසීය.
කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරුන් පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල ඇති පෞද්ගලික පොහොර සමාගම්වල ප්‍රධාන ගබඩා සංකීර්ණ හදිසි නිරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව කෘෂිකර්ම ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
රටේ පෙහොර හිඟයක් පැවතියද පෞද්ගලික සමාගම් සිය ගබඩාවල පෙහොර තොග විශාල වශයෙන් තබා ගෙන සිටින ආකාරය තමන් නිරීක්ෂණය කළ බවත් අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
දෛනිකව නිකුත් කළ හැකි පොහොර ප්‍රමාණයන් නිකුත් නොකොට අඩු ප්‍රමාණයක් පොහාර නිකුත් කිරීමට සමාගම් ක්‍රියා කිරීම සම්බන්ධවද ඇමැතිවරු මෙහිදී ප්‍රශ්න කළහ.
(Dinamina)