Monday, February 23, 2026
Follow Us
නව ජනාධිපති නීතිඥවරු 7ක් පත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් 07 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ඉ) ජේදය ප්‍රකාරව නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ට පැවැත්මෙන් යුතු නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරී ඇත.

ඒ අනුව අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන මිලින්ද ගුණතිලක, හරිප්‍රියා ජයසුන්දර, විකුම් ආබෲ, ශානක විජේසිංහ, රවින්ද්‍ර පතිරණගේ, නෙරීන් පුල්ලේ සහ චේතිය ගුණසේකර යන මහත්ම මහත්මීහු ජනාධිපති නීතිඥවරු ලෙස පත්කර සිටිති.

(Aruna)