ක්‍රීඩා සංගමයක හා ක්‍රීඩා සම්මේලන 4 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අතර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ක්‍රීඩා සංගම් හා සම්මේලනවල පරිපාලනය පවත්වාගෙන යාමේ නිසි බලධරියා ලෙස පත් කර ඇත.
එලෙස ලියාපදිංචිය අත්හිටවූ ක්‍රීඩා සංගම් හා සම්මේලන මෙසේයි.
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය
ශ්‍රී ලංකා ජූඩෝ සංගමය
ශ්‍රී ලංකා ස්ක්‍රැබල් සම්මේලනය
ශ්‍රී ලංකා සර්ෆින් සම්මේලනය
ශ්‍රී ලංකා ජුජිට්සු සම්මේලනය
(Aruna)