යල කන්නය සඳහා වී මිල දී ගැනීමේ කටයුතු හෙට (15) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පවසයි.
දේශීය ආහාර නිෂ්පාදන දිරිගැන්වීමට පියවර ගැනේ
ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 50කටත්, සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 52ටත්, කීරි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 55කටත් මිලදී ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කරයි.
මෙවර යල කන්නය සඳහා වී මෙට්‍රික් ටොන් පනස් දහසක් මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ගොවීන්ට වී අලෙවි මණ්ඩලයේ ගබඩා වලට වී ගෙනැවිත් දීමෙන් එම මොහොතේදීම මුදල් ලබාගැනීමේ හැකියාව ඇති බවත් මෙයට අමතරව කුඹුරට ම ගොස් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය නිලධාරීන් යොදවා ඇති බවත් සභාපතිවරයා සඳහන් කරයි.
(Aruna)