Monday, February 23, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවේ නියෝජිතයින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන කෙටි කාලීන හා දිගු කාලීන උපායමාර්ගික සැලසුම් පිළිබඳ එහිදී ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

පාසැල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිට ජාතික තලය දක්වා සිදුවිය යුතු වෙනස්කම් පිලිබඳ එහිදී සාකච්ඡාවට ලක්කෙරෙන බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ තැබූ ට්විටර් සටහනක දැක්වෙනවා.


(Neth)