පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණද, පිට පළාත් වල සිට දුම්රිය හතක් හෙට (14) දිනයේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිතයි.
නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගමනාගමන ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් එම දුම්රිය පහසුකම් ලබාගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
එම දුම්රියන් පිළිබද විස්තර පහතින්….
මහව සිට කොළඹ කොටුව දක්වා එක් දුම්රිය ගමන් වාරයක්
මහනුවර සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර දෙකක්
බෙලිඅත්ත සිට කොළඹ මරදාන දක්වා එක් දුම්රියක්
ගාල්ල සිට කොළඹ මරදාන දක්වා එක් දුම්රියක්
හලාවත සිට කොළඹ කොටුව දක්වා ද එක් දුම්රියක්
රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා එක් ගමන් වාරයක්
(Aruna)