ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
රථවාහන ධාවනය සඳහා පුනර්ජනනීය බලශක්ති යොදා ගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇති බව එම යෝජනාව මගින් පෙන්වා දෙයි.
මෙරට ධාවනය වන වාහන අතුරින් සැලකිය යුතු සංඛ්‍යාවක් අවුරුදු 10ට වඩා පැරණි වාහන බව අනාවරණය වී ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 වර්ෂය අවසානය වනවිට මෙරට ලියාපදිංචි වී ඇති රථවාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා තිබේ.
පැරණි වාහන මනාව නඩත්තු නොකිරීමෙන් විෂ වායු විමෝචනයට හේතුකාරන වන බවත් මෙරට වායු දූෂණයට 60%ක පමණ දායකත්වයක් රථවාහනවලින් සිදුවෙන බවත් මොරටුව විශ්වවිද්‍යාලය සහ තවත් ආයතන කිහිපයක් මගින් සිදු කළ පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
(Aruna)