කාබනික පොහොර නිපදවා තම වගා කටයුතු සඳහා භාවිත කරන ගොවින් සඳහා දිරි දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
මේ අනුව හෙක්ටයාරයකට රුපියල් 12,500 බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 2ක් (අක්කර 5ක්) නොඉක්මවන පරිදි දිරි දීමනාවක් සඳහා අනුමැතිය හිමිව ඇත.
ඊට අදාළ යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කර තිබේ.
(Aruna)