අගමැති මහින්ද රාජපක්ෂ අලුතෙන් දිවුරුම් දුන් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට පත් කිරීමට යෝජනා වී ඇත.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඇමැති විමල් වීරවංශ සමග රාජකාරි කිරීමට නොහැකි බව සඳහන් කරමින් ඔහු රාජ්‍ය සේවාවෙන් විශ්‍රාම ගියේය.
ඉන් පසු ඔහු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
(Aruna)