Monday, February 23, 2026
Follow Us
රේගුව සුරා බදු සහ බදු ආදායම් හොදටම මදි බව බැසිල් කියයි

අභිනව මුදල් අමාත්‍ය බැසිල් රජපක්ෂ මහතා සහ හිටපු පළාත් සභා නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබේ.

(11) පැවති එම හමුවේදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” යථාර්තයක් කිරීම උදෙසා තමන් මුදල් අමාත්‍යවරයා මෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පුර්ණ කාලීනව කැප වන බවය.

ආර්ථිකමය වශයෙන් රට අභයෝගයකට මුහුණ පා ඇති තත්වයේදී රටේ ප්‍රධාන ආදායම් මාර්ග හිමි ආයතන වූ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා ලැබෙන ආදායම් අවම බවත්‍ අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ලොව සෑම රටක්ම මුහුණ දෙමින් පවතින කොවිඩ් වසංගත තත්වය මෙයට ප්‍රධානතම හේතුව බවත් මෙයට අප නොබියව මුහුණ දිය යුතු බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමන් සඳහන් කලේය.

යුධමය වාතාවරණයක් පැවති සමයේ දී පවා නොයෙක් බාධා කම්කටොලු මධ්‍යයේ කෙසේ හෝ ආර්ථිකය ස්ථාවරව ගෙන යෑමට කටයුතු කළ අතර එම වකවානුව මෙයට සාපේක්ෂව ඉතා අසීරු කාල සීමාවක් බව වැඩිදුරටත් කරුණු දක්වමින් බැසිල් රාජපක්ෂ ඇමතිතුමන් සඳහන් කලේය.

(Aruna)