Monday, February 23, 2026
Follow Us
ගුරුවරුන්ට අද සිට කොවිඩ් මර්ධන එන්නත

සියලුම ගුරුවරුන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා දීම අද සිට ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ මෙම සතිය තුල සියලු ගුරුවරුන් සඳහා එන්නත් ලබා දිම සිදුකර අවසන් කරන බවයි. සිය විදුහල්පතිවරුන් සහ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගෙන් මෙම එන්නත ලබාදෙන ස්ථාන පිළිබඳ විමසා එන්නත ලබා ගන්නා ලෙසයි මෙහිදී ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කෙරුණේ.

ගුරු සංගම්වලට සම්බන්ධ ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් අද සිට ඉවත් වුවද අද සිට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට එක්වන බවයි ගුරු සංගම් ප්‍රකාශ කළේ.

(Neth)