Monday, February 23, 2026
Follow Us
ලීටර් 18 ගෑස් සිලින්ඩර්වලට උපරිම මිලක් නියම කිරීමට අවධානය

ගෑස් සමාගම් විසින් වෙළදපොළට හදුන්වා දුන් ලීටර් 18 ගෑස් සිලින්ඩර් සදහා රුපියල් 1,150 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට වෙළද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනයක්ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දැනට මෙම නව ගෑස් සිලින්ඩරයක් අළෙවි කෙරෙන්නේ රුපියල් 1,393 කටයි. ගෑස් මිලදී ගන්නා අවස්ථාවකදී ලීටර්වලින් මැනීමට පාරිභෝගිකයාට නොහැකි බැවින් ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම් 9 යි දශම 5 ක් ලෙස සටහන් කළයුතු බව දන්වමින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ගෑස් සමාගම් කිලෝග්‍රෑම් 12 යි දශම 5 ක ගෑස් සිලින්ඩරයක් අළෙවි කරන්නේ රුපියල් 1,493කටයි. එම ගෑස් සිලින්ඩර්වලට ගෑස් පුරවා ලීටර් 18 බව සදහන් කරමින් ඒවා වෙළදපොළට නිකුත් කිරීම හේතුවෙන් පාරිභෝගිකයින් අසිරුතාවකට පත් වුණා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඒ සදහා සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේද අවධානය යොමුවූ අතර ඒ අනුවයි ලීටර් 18 ගෑස් සිලින්ඩරය සදහා රුපියල් 1,150 ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අවධානය යොමුකර ඇත්තේ.

(Neth)