දිස්ත්‍රික්ක 4 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 5 ක ප්‍රදේශ කිහිපයක් අද අලුයම හයේ සිට හුදකලා කර තිබෙනවා. පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ තම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියානවත්ත ගම ද මෙලෙස අද අලුයම සිට හුදකලා කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සුදුහම්පාල බටහිර ග්‍රාම නිලධාරි වසමේ විහාර පටුමග, විහාර මාවත, කප්පර පල්ලිය පාර යන ප්‍රදේශද හුදකලා කර තිබෙනවා. සුදුහම්පාල නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ නිවාස සංකීර්ණයේ මැදින් ඇති මාර්ගයේ කොටසක්, පොල්වත්ත පාර කොටස සහ කෝවිල්වත්ත කොටසද අද අලුයම සිට හුදකලා කෙරුණා.
එමෙන්ම කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ පොතුවිල් 13 ග්‍රාම නිලධාරි වසම කොටසද හුදකලා කර තිබෙනවා. යාපනය පේදුරුතුඩුව පොලිස් බල ප්‍රදේශයේ වඩමාරච්චි උතුර ප්‍රදේශයද අද අලුයම හයේ සිට හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,507 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා. ඉකුත් 10 වනදා සිදුවූ කොරෝනා මරණ 35 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.
(Neth)