අද දිනයේ දිවයිනට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 02ක, දිස්ත්‍රික්ක 12ක ජනතාව වෙත ලබා දීමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ මෙම එන්නත් මාත්‍රා හෙට දිනයේ සිට එන්නත්කරණ වැඩසටහන සඳහා එක් කරන බවයි.
සයිනොෆාම් එන්නත, ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉහල ආරක්ෂාවක් ලබා දෙන බව පර්යේෂණවලින් සනාථ වි ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
(Neth)