Monday, February 23, 2026
Follow Us
ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග පැවැත්වීම ගැන තවදුරටත් සලකා බැලේ

පැවැත්වීමට නියමිත 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වනවිට නිවේදනය කර ඇති දින සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලා නියමිතබවත් ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කෙරන බවත් පැවසේ.

මේ බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කර සිටී.

කෙසේ නමුත් ජූලි 9 වන දා අධ්‍යාපන ලේකම්වරයා නිවේදනය කර තිබුනේ 2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 සහ උසස් පෙළ විභාග ඔක්තෝබර් මස 4 වන දිනත් පවත්වන බවයි.

ඊට පසුදින අධ්‍යාපන අමාත්‍යවරයා පවසා සිටියේ, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් මතුව තිබෙන බවය.

(Aruna)