කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා අන්තර්ජාතික මට්ටමෙන් පිළිගන්නා ඩිජිටල් කාඩ්පතක් හඳුන්වා දී ඇත.
ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උලෙළට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ජිම්නාස්ටික සංගමයේ ලේකම් කපිල ජීවන්ත මහතා වෙත පළමු කාඩ්පත ලබාදීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව එම කටයුත්ත සිදුකර ඇත.
ඒ අනුව කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත සඳහා වන අයදුම් පත්‍රය එන්නත් මාත්‍රා 02ම ලබාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන්’ හැකි ඉක්මනින් බාගත කරගතකර ගැනීමට අවස්ථාව සැලසෙන බව වාර්තා වී ඇත.
මේ අනුව පහසුවෙන් පුද්ගලයාගේ නම, වයස, හැදුනුම්පත් අංකය, එන්නත ලබාගත් දිනය, ලබාගත් එන්නත් වර්ගය සහ කාණ්ඩ අංකය සොයාගත හැකිය.
මෙහි සුවිශේෂීතාව වන්නේ කේත ක්‍රමය( QR Code) හරහා ලෝකයේ ඕනෑම තැනක සිට අදාළ නිරවද්‍යතාව තහවුරු කළ හැකි වීමය.
(Aruna)