Monday, February 23, 2026
Follow Us
තිස්සමහාරාම වැවේ කැණීම් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පූරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර දෙයි

දැඩි කථාබහක් මතුවූ තිස්සමහාරාම වැවේ, සිදුකළ කැණීම් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පූරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.

චීන - ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් තිස්සමහාරාම වැවේ වැලි සහ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අවසර ලබා නොගැනීම හේතුවෙන් එම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවිමටයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

කෙසේවෙතත් එහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කිරීමට ලිඛිත අවසරය තවත් දින කිහිපයකදී ලබා දෙන බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග නෙත් නිවුස් වෙත පැවසුවා.

තිස්සමහාරාම වැවේ, වැලි සහ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් වැවට සහ ආශ්‍රීත ප්‍රදේශවලට කිසිදු හානියක් සිදු නොවන බවද පූරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

තිස්සමහාරාම වැවේ සිදුකර ගෙන යනු ලැබූ වැලි සහ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතුවූයේ ඊට එක්ව සිටින චීන ජාතිකයින් හැඳ සිටි ඇඳුම් පදනම් කර ගනිමින්. ඒ, ඔවුන් චීන කැලෑ හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ව්‍යාපෘති භූමියේ සිටීමත් සමගයි.

(Neth)