Monday, February 23, 2026
Follow Us
රසායනික පොහොර ආනයන තහනමේ වෙනසක් නැහැ

රසායනික පොහොර සහ පළිබෝධක නාශක ආනයනය තහනම් කිරීමේ තිරණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ වෙනස් කළ නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණා.

ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණේ රසායනික පොහොර සහ පළිබෝධක නාශක ආනයනය තහනම් කර ඇති බවට ජනාධිපතිවරයා ගත් තීරණය මුදල් අමාත්‍යවරයා විසින් වෙනස් කර ඇති බවයි.

පළවන වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. රසායනික පොහොර භාවිතයෙන් බැහැරව කාබනික කෘෂිකර්මයට මාරුවීමට ගත් තීරණය අහෝසි කිරීමට රජය කිසිසේත් අදහස් නොකරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

(Neth)