Monday, February 23, 2026
Follow Us
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත මැකිලා-අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයෙ(9) කරුණු වාර්තා කරමින් පවසා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත, කොළඹ වරායේ නාවික මෙහෙුයම් මැදිරියේ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් මැකී ඇති බවයි.

ඉකුත් 2021 මැයි මස 01 වැනිදා සිට ජුනි මස 10 වැනිදා දක්වා අතර කාලය තුළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ පටිගත වී ඇති දත්ත මැකී ගොස් ඇති බවට කොළඹ වරායේ නාවික මෙහෙයුම් මැදිරිය වාර්තාවක් මගින් තමන්ට දැනුම් දී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් මෙම දත්ත මැකී ගොස් ඇති බව කොළඹ වරාය සදහන් කරන බැවින් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂකවරයා වෙත අදාළ යන්ත්‍රය ඉදිරිපත් කර එකී දත්ත මැකී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කරණ ලෙසයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අනුව සහ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් අධිකරණය වත ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

(Lanka LEads)