Monday, February 23, 2026
Follow Us
වසා ඇති පාසැල් යළි විවෘත කිරීම අගෝස්තුවේ සිට

පාසැල් විවෘත කිරීමේ කටයුතු අගෝස්තු මාසයේ සිට ආරම්භ කළ හැකි වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. පළමු පියවර ලෙස දරුවන් සියයට අඩු පාසැල් 2,962 ක් අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

සාමාන්‍ය පෙළ විභාගයේ ද සෞන්දර්්‍ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් පාසැල් පාදක තක්සේරු කිරීම් මත ලකුණු ලබාදී ප්‍රතිඵළ නිකුත් කළ හැකිදැයි මේ වන විට සළකා බලමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

(Neth)