Monday, February 23, 2026
Follow Us
A/L සහ ශිෂ්‍යත්වය පවත්වන දින මෙන්න

2021 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 3 වන දින පවත්වන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

2021 වර්ෂයේ අ. පො.ස. උසස්පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 31 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

(Aruna)