Monday, February 23, 2026
Follow Us
හුදකලා කිරීම් සම්බන්ධයෙන් නිවේදනයක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් අද (09) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

ඒ අනුව අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ, කැකුලන්දල දකුණු ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස එලෙස හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

මේ අතර අද උදෑසන සිට දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් නිදහස් කර තිබෙන බවද වැඩි දුරටත් පවසයි.

හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහතින් ,

මන්නාරම දිස්ත්‍රික්කය – තලෙයිමන්නාරම පොලිස් බලප්‍රදේශයේ,

තලෙයිමැනා ජැටිය බටහිර
තලෙයිමැනා ජැටියා නැගෙනහිර

කෑගල්ල දිස්ත්‍රික්කය – මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේ,

හිඟුල් ඔය
මහවත්ත

(Aruna)