Monday, February 23, 2026
Follow Us
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

හෙට පස්වරු 9 යි 30 සිට ලබන 10 වනදා පස්වරු 09 යි 30 දක්වා කාලය තුළ මන්නාරම සිට කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ක් 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම කාල සීමාව තුල මන්නාරම සිට පුත්තලම දක්වා සහ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක රළු ස්වභාවයක් ගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. අදාල කාල සීමාව තුළ මුහුදු ප්‍රදේශවල කටයුතු කිරීම අවදානම් බැවින් ධීවර සහ නාවුක ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

(Neth)