Monday, February 23, 2026
Follow Us
රාජ්‍ය ආයතන ලබන සතියේ සිට යළිත් වැඩ

රාජ්‍ය ආයතනවල කටයුතු ලබන සතියේ සිට නැවතත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි ‘අරුණ’ට පැවසීය.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ රජ්‍ය සේවය නැවතත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා මේ දිනවලදී සිදුකරන බවය.

කොවිඩ් සඳහා සිදු කරන එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වේගවත්ව සිදුවන බැවින් බොහෝදුරට ලබන සතියේදී රජ්‍ය සේවය නැවතත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකියාවක් පවතින බවද හෙතෙම කීවේය.

කෙසේ වෙතත් රාජ්‍ය සේවකයන් තවමත් කටයුතු කළ යුත්තේ පසුගිය මැයි මස 10 වැනිදා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව බවද ලේකම්වරයා සඳහන් කළේය.
ඒ අනුව රාජ්‍ය ආයතනවලට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලය පමණක් ගෙන්වා ගැනීමට ආයතන ප්‍රධානීන් පියවර ගත යුතු වේ.

නැවත දැනුම් දෙන තුරු මෙම චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතු බවද ලේකම්වරයා සඳහන් කළේය.

(Aruna)