Monday, February 23, 2026
Follow Us
තෝරාගත් භාණ්ඩ කිහිපයකයක් ආනයනයට අවසර

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශය මත පමණක් ඔක්සිජන් සහ ශ්වසන උපකරණ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දී තිබේ.

මීට අමතරව පසුගිය ජුනි 11 වැනිදා සහ 2020 මැයි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනවල සඳහන් ප්‍රතිපාදනවලට අනුව පමණක් විශේෂ ආනයන බලපත්‍රයක් මත රත්‍රං සහ මුහුණු ආවරණ (Face mask) ආනයනය කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එසේම සැපයුම්කරුවන්ගේ ණය පහසුකම් මත ආනයනය කිරීමට ඉඩ දී ඇති භාණ්ඩ සාමාන්‍ය පරිදි ආනයනය කිරීමටත්, තෝරාගත් ඇතැම් කෘෂි නිෂ්පාදන, ප්ලාස්ටික් භාණ්ඩ, සෙරමික් භාණ්ඩ, වාහන සහ දැවමය නිෂ්පාදන ආනයනය කිරීමේ සීමා තවදුරටත් පවත්වාගෙන යෑමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

දේශීය කර්මාන්ත ආරක්ෂිත කිරීමට හා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අඛණ්ඩව පහසුකම් සැලසීම පිනිස ජනාධිපතිවරයා පත් කරන ලද තීරුබදු නිර්ණය කිරීමේ කමිටුවේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව රජය ප්‍රකාශ කරයි.

(Aruna)