Monday, February 23, 2026
Follow Us
ගෙදර ඉදන් ඉගෙන ගන්න රූපවාහිනී නාලිකා 20ක් සිසුන්ට

1 සිට 13 ශ්‍රේණි සඳහා අධ්‍යාපන වැඩසටහන් ඇතුළත් රූපවාහිනී නාලිකා 20ක් ස්ථාපනය කීරීමට රජය සැලසුම් කරන බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.


අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පාසල් දරුවන්ට රූපවාහිනිය මගින් නොමිලේ අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සහ ඒ් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ් අනුව, උසස් පෙළ විෂය ධාරාවන් සඳහා තාක්ෂණික, ජීව විද්‍යාව, ගණිතය සහ කලා විෂය ධාරාවන්ට වෙන්වූ නාලිකා 4ක් ස්ථාපනය කරන බව වැවිලි අමාත්‍යවරයා පැවසීය.
මේ වන විට විෂය මාලාව හා සම්බන්ධ පටිගත කිරීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ සිදු වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.

(Aruna)