Monday, February 23, 2026
Follow Us
පරිප්පු සහ සීනි ආනයනයට රජය මැදිහත් වීමක්

සතොස සහ සමූපකාරවල මැදිහත්වීමෙන් රතු පරිප්පු සහ සුදු සීනි ආනයනය කිරීමට රජය තීරණයකර තිබේ.

දේශීය වෙළෙඳපොළේ අධික මිල කට අලෙවි වන බැවින් එම භාණ්ඩ මෙලෙස ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත.

මේ අනුව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සීනි සහ රතු පරිප්පු සෘජුවම ආනයනයකර අලෙවි කිරීමට නියමිත වන අතර අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ඒ සඳහා ලබාදී තිබේ.

(Aruna)