Monday, February 23, 2026
Follow Us
යල කන්නයේ සහතික මිලට වී මිලදී ගන්න කැබිනට් අනුමැතිය

යල කන්නයේ වී මිලදි ගැනීමේ වැඩසටහන යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 50 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 52 කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 55 කටත් වශයෙන් සහතික මිල ගණන් යටතේ ගොවීන්ගෙන් මිලදි ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

සහතික මිලට අමතරව ප්‍රමිතියෙන් යුතු වී තොග ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගැනීමේදී සැකසීම හා ප්‍රවාහනය සදහා වී කිලෝවකට රුපියල් 1 යි 50 ක මුදලක් ගොවීන්ට ගෙවීමටද අනුමැතිය හිමිවූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා.

(Neth)