ඊයේ(05) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති 99 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බවයි.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ හැකි ඉක්මණින් රට විවෘත නොකළොත් ආර්ථිකය ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නොමැති බවය.
“එන්නත් මිලියන 9ක් මේ මාසෙට අපිට ලැබෙනවා. මේ තත්ත්වය යටතේ අපිට සැප්තැම්බර් වෙනකොට මේ රට සම්පූර්ණයෙන්ම විවෘත කරන්න හැකි වෙනවා . අපි ඉක්මනින්ම රට විවෘත නොකළොත් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් වෙන්නේ නෑ.” යනුවෙන් ජනාධිපතිවරයා පවසා සිටියේය.
ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ රජය සැලසුම් කර ඇති කාබනික පොහොර සහ සූර්ය බලශක්ති වැඩසටහන සාර්ථකව ජය ගැනීමට සමූපකාරයට පුළුල් දායකත්වයක් ලබාදිය හැකි බවය.
(Lanka Leads)