Monday, February 23, 2026
Follow Us
ෆයිසර් එන්නත ලැබෙන පුද්ගලයින් මෙන්න

මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත පළමුවෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ලබාදීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ලබන සතියේ තවත් මාත්‍රා 26,000ක්, තුන්වන සතියේ මාත්‍රා 60,000ක් සහ ජුලි 4වන සතියේ මාත්‍රා 90,000ක් ලෙස මෙම මස තුළ පමණක් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් ලැබීමට නියමිතයි.

සෙල්සියස් අංශක ඍණ 70 පමණ උෂ්ණත්වයේ මෙම එන්නත ගබඩා කලයුතු හෙයින් අද(05) රැගෙන ආ එන්නත් කටුනායක ගුවන් තොටුපොළේ සිට කෙලින්ම නාරාහේන්පිට මධ්‍යම රුධිර බැංකුව වෙත ගෙන ගොස් තිබේ.

 

(Aruna)