Tuesday, February 24, 2026
Follow Us
විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන්වලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට දැඩි නීති ක්‍රියාමාර්ග ගත යුතුයි!

මහජන ආරක්ෂාව භාර අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන්වලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තාවේ.

එසේම නිලධාරීන් අධීක්ෂණය කරන ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන්ට එරෙහිව ද විමර්ශන සිදුකරන ලෙසට අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත යොමුකර ලිපියේ, පසුගිය දිනවල දී විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන් ක්‍රියාවන්වල නිරත වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට පත්වූ බවත් මොවුන්ගේ මෙම ක්‍රියාකලාප හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අවමානයක් බව අවධාරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යය වෙත පවසා සිටියේය.

(Lanka Leads)