Tuesday, February 24, 2026
Follow Us
දියුණු ධනවත් රටවල් PCR වලදී බොරු කරනවාදැයි සැකයි. ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම නැවැත්තුවේ ඒකයි - කෙහෙළිය

මැදපෙරදිග කලාපයේ රටවල් 6ක් ඇතුළුව තවත් රටවල් ගණනාවකින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වාගැනීම නවත්වා දැමූයේ එකී දියුණු, ධනවත් රටවල් PCR පරීක්ෂණ කිරීමේදී බොරු කරන්නේදැයි සැකයක් මතුවීම නිසා බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

"පිටරටින් එන අය නතර කළේ ඇයි ? දැන් ඒක ප්‍රශ්නයක් ඔබතුමන්ලාට. මේ රටට මාධ්‍යයට ප්‍රශ්නයක්. මොකද අපේ රටේ ශ්‍රමිකයින් අපි ගෙන්නන්නෙ නෑ. ඊයෙ ගේනකොට එකසිය ගාණක් ආපු අයගෙන් පොසිටිව් වෙලා තියෙනවා. එතකොට එහෙ පැත්තෙන් ඔය කියන දියුණු රටවල්, ඔය කියන ධනවත් රටවල් හරියට පීසීආර් කරලා නැද්ද එක්කො එතන බොරුවක් කරලාද දන්නෙ නෑ. නැත්නම් පැය තුන හමාරකින් එහෙ කරලා ආවායි කියන එක මෙතෙන්ට ආවාම පොසිටිව් වෙන්නෙ කොහොමද ? එහෙම වුණාම ඒ ක්‍රියාමාර්ගය ගන්නවා අපි. ඒ ක්‍රියාමාර්ගය අරගත්තෙ - දැන් එය ක්‍රියාමාර්ගයක් ඔබට මට කියන්න පුළුවන්, ඒ කට්ටිය නතර කරන්න තීන්දු කළේ ඔය ප්‍රශ්නය නිසා තමයි. එවැනි ගණනාවක් අරගෙන තියෙනවා, මං හිතන්නෙ එකක් නෙවෙයි. ඕක තමයි ඇත්ත තත්වේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

(LNW)