Tuesday, February 24, 2026
Follow Us
දුෂ්කරතාවයට පත් ආගමික ස්ථානවලට ආහාර මල්ලක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන සඳහා රුපියල් 5,000ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් සැපයීමට රජය තීරණය කර තිබේ.
එම වියළි ආහාර ලංකා සතොස හරහා මිල දී ගැනීමට නියමිතය.

ආහාර පාර්සල් හඳුනාගත් විහාරස්ථාන හා ආගමික ස්ථාන වෙත ඉදිරියේ දී බෙදා දීමට කටයුතු යොදා ඇත.

සංචරණ සීමා පැනවීමත් සමඟ දායකයින්ට ආගමික ස්ථාන වෙත ප්‍රත්‍ය පහසුකම් සැපයීම අසීරු වී ඇති බැවින් රජය විසින් එම තීරණය ගෙන තිබේ.

අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

(Aruna)