Tuesday, February 24, 2026
Follow Us
උසස් පෙළට කොරියානු භාෂාව ඇතුළත් කෙරේ

මෙතෙක් සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කර තිබූ කොරියානු භාෂාව මෙම වසරේ සිට උසස් පෙළ විෂය මාලාවට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම වසරේ දොළොස් වැනි ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ට විදේශීය භාෂාවක් ලෙස කොරියානු භාෂාව හැදෑරීමට හැකි වන අතර එම සිසුන්ට 2023 වසරේ පැවැත්වෙන උසස් පෙළ විභාගයේ දී එම විෂය සඳහා පෙනී සිටීමට හැකි වෙයි.

මෙම විෂයට අදාළ විෂය නිර්දේශ සහ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ජාතික අධ්‍යාපන ආයතනයෙන් සකස් කරන අතර ගුරු පුහුණු කටයුතු ද එම ආයතනයෙන් ම සිදු කෙරේ.

උසස් පෙළට ද මෙම විෂය හඳුන්වා දීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ද ලැබී ඇත. සාමාන්‍ය පෙළ විෂය මාලාව සඳහා කොරියානු භාෂාව හඳුන්වා දුන්නේ 2015 වසරේ දී ය.

(Aruna)