Tuesday, February 24, 2026
Follow Us
කොළඹ - ගම්පහ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද (29) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයට පත්කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව,

කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳසෙවණ නිවාස සංකීර්ණය හැර සෙසු කොටස් ද

ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය පොලිස් බලප්‍රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත ග්‍රාම නිලධාරී වසම ද හුදෙකලා භාවයට පත්කර තිබේ.

(LNW)