Tuesday, February 24, 2026
Follow Us
අධිකරණ ඇමතිට ලැබුණු වාර්තාව

විවාහ, දික්කසාද නීතිය සහ බාලවයස්කාර දරුවන්ට අදාළ නීති සංශෝධනය කිරීම සදහා පත් කළ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙත අද පිළිගන්වනු ලැබුවා.

ඒ, අදාළ නීති සංශෝධනය කිරීම සදහා පත් කළ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ තුෂාන් ද අල්විස් විසින්. විවාහ දික්කසාද සහ බාලවයස්කාර දරුවන්ට අදාළ යල් පැනගිය නීති සංශෝධනය කර වර්තමානයට ගැලපෙන අයුරින් එම නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල යටතේ එම වාර්තාව සකසා තිබෙනවා.

මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර 1969 වසරේ සිට බි්‍රතාන්‍ය තුළද එම නීතිය භාවිත කිරීමක් සිදු නොවූ බවයි අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ.

වසර සිය ගණනකින් මෙම නීතිය යාවත්කාලීන කර නොමැතිවීම හේතුවෙන් ජනතාව විවිධ අපහසුතාවන්ට පත්ව තිබූ බවද අධිකරණ අමාත්‍යාංශය සදහන් කළා.

(Neth)