Tuesday, February 24, 2026
Follow Us
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව සඳහා වෙනත් එන්නත් දෙකකට අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව වශයෙන් ලබා ගත් පුද්ගලයින්ට ලබාදිය යුතු දෙවන මාත්‍රාව ලෙස මොඩෙර්නා සහ ෆයිසර් එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව ඊයේ (28) පස්වරුවේ මේ සඳහා අනුමැතිය ලබාදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ අනුව මොඩෙර්නා එන්නත් මාත්‍රා මිලියනයක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 26,000 ක් ලබන මස මුල් සති දෙක ඇතුළත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

(Aruna)