Tuesday, February 24, 2026
Follow Us
කොළඹ අවුරුදු 70 ට වැඩි පුද්ගලයන්ට අද සිට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව

කොළඹ මහනගර සභා සීමාවේ ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට එහි දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. ඒ සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 10,000ක් ලැබී ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සඳහන් කළේ.

මෙරට සහ බොහෝ රටවල කොරෝනා වෛරසය හේතුවෙන් වැඩි වශයෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්. එන්නත්කරණ ක්‍රියාවලියේ දෙවන මත්‍රාව ලබා දීමේදී එවැනි අවදානම් වයස් කාණ්ඩවල සිටින පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දෙන බවයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)