Tuesday, February 24, 2026
Follow Us
තර්ජනාත්මක ඉල්ලීම් කරන රැඳවූවන්ට පොදු සමා නැහැ

බන්ධානාගාර වහල මත නැග ගනිමින් තර්ජනාත්මක ඉල්ලීම් කරන කිසිම රැඳවූවෙකුට මින් ඉදිරියට පොදු සමාවන් සඳහා නිර්දේශ නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

බන්ධනාගාර දේපළවලට හානි කරමින් ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් හැසිරෙන කිසිවකුත් පොදු සමාවක් සඳහා නිර්දේශ නොකරන බවද බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක ‘අරුණ’ට පැවසීය.

මහර හා වැලිකඩ බන්ධනාගාරවල සිරකරුවන් 175ක් පමණ බන්ධනාගාරයෙන් දෙන ආහාර ප්‍රතික්ෂේප කරමින් වර්ජනයේ යෙදුනේ පසුගිය සිකුරාදා (25 වැනිදා) සිටය. ඒ අතරේ වෙනත් සිරකරුවන්ට ලබාදෙන කෑම බීම බෙදාගන්නා බවට හෙළිවී තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මත නැගී සිකුරාදා (25 වැනිදා) සිට උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයන් පෙරේදා (26 වැනිදා) සවස දින දෙකකට පසුව වහලයෙන් බැස උද්ඝෝෂණය අතහැරියහ. යළිත් පෙරේදා (26 වැනිදා) රාත්‍රියේ පටන් වහළයට නැගගත් දහයක (10) පමණ පිරිසක් ඊයේ (27 වැනිදා) සවස් වනතුරුත් උද්ඝෝෂණයේ නිරත වූහ. මරණීය දණ්ඩනය ඉවත් කරන්නැයි වහලමත නැගී උද්ඝෝෂණය කළ අය අතර රටේම ආන්දෝලනයකට ලක්වූ සේයා දැරිය දූෂණය කර මරා දැමූ මරණීය දණ්ඩනය නියමවූ පුද්ගලයාත් සිටින බව පොලිසිය කියයි.

උද්ඝෝෂණ මෙහෙයවීම පසුපස පොදු සමාවන් හිමිනොවන කුඩු ජාවාරමුන්ද සිටින බව හෙළිවී ඇත.

සිරකරුවන්ගේ වර්ජනය අතරේ ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වී.ආර් ද සිල්වා බන්ධනාගාරවලට ගොස් තිබිණි.

(Aruna)