Tuesday, February 24, 2026
Follow Us
උපාධිධාරීන්ට පොලීසියේ උසස් තනතුරු

උපාධිධාරීන් කෙලින්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු සඳහා බඳවා ගැනීමට ක්‍රමවේදයක් ඉදිරියේදී සකසන බව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

දැනට උපාධිධාරීන් කෙලින්ම බඳවා ගැනෙන්නේ සහකාර පොලිස් අධිකාරි තනතුරුවලට පමණි.

දැනටමත් මේ සම්බන්ධයෙන් වන යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

උපාධිධාරීන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට පැමිණීමේදී ජනතාව සමග කෙරෙන පහළ මට්ටමේ රාජකාරි කටයුතු ගැන කිසියම් සැලකිය යුතු මට්ටමේ අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බවත් ඒ තත්වය සලකා තමා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් අමුණුගම මහතා සඳහන් කරයි.

(Aruna)