විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවලින් සීමිත සේවා ලාභීන් පිරිසක් සඳහා බලපත්‍ර ලබා දීමටයි තීරණය කර ඇත.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන්ට පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්නම කාර්යාලයෙන් එම සේවා ලබාගත හැකි අතර, ඊට පෙර ඇමතුමක් ලබාදී දිනයක් වෙන් කරගත යුතු වේ.
එසේ නොමැති පුද්ගලයින් සඳහා අදාළ කාර්යාලවලට ඇතුලුවීමට අවසර නොමැති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(Aruna)