Tuesday, February 24, 2026
Follow Us
සංචරණ සීමා සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

ඉදිරියේදී සංචරණ සීමා පනවනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද (25) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

කෙසේ වෙතත් ඉදිරියේදී සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

සංචරණ සිමා පිළිබදව තීරණ ගනු ලබන්නේ ජනාධිපති කාර්ය සාධන බලකාය මගින් බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)