සියලුම ජාතික පාසල්වල ගුරු භවතුන් වෙත රටෙහි පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව Covid - 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාල සීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
තවදුරටත් එකී අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම්, පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත ඉදිරිපත් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
(Neth)