Tuesday, February 24, 2026
Follow Us
ඉදිරි සති කිහිපය ගැන ජනතාවට රතු එළියක්

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඉදිරි සති කිහිපය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ කිසියම් ආකාරයකින් දෛනික ආසාදිතයින් යළි ඉහළ ගියහොත් යළිත් සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.

තවදුරටත් දෛනික ආසාදිතයින් වාර්තා වීම අවම කිරීම සඳහා ජනතාව සතුව ද වගකීමක් ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළේ සංචරණ සීමා ඉවත් කළ ඉකුත් දින කිහිපයේ ජනතා හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බවයි.

පෙරේදා රාත්‍රී 10 ට පැනවූ සංචරණ සීමා අද අලුයම 04 ට ඉවත් කෙරුණා.

(Neth)