කොවිඩ් තුන්වෙනි රැල්ල මර්දනය කිරීම තමන්ට අපහසු කාර්යයක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට ඉහළම විශ්වාසයක් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පවසයි.
"සෞඛ්‍යයට විශාල මුදලක් අපේ රජය වෙන් කරමින් කටයුතු කරනවා. අපට ඒ කටයුතු හරියටම කරගන්න පුළුවන් වෙන්නෙ මේ කොවිඩ් රෝගය මර්දනය කිරීම තුළින්. ඉතිං ඒ නිසා ඊයෙත් විශාල මුදලක්, බිලියන 200ක මුදලක් කැබිනට් එකෙන් වෙන් කරනු ලැබුවා ආයෙ සෞඛ්‍ය කටයුතු වලට, කොවිඩ් රෝග මර්දන කටයුතු වලට. අද පාර්ලිමේන්තුවෙ ඒ යෝජනාව සාකච්ඡා කෙරෙනවා.
ඉතිං මේකෙදි අපි කියන්න ඕනෙ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා මාර්ගෝපදේශ ගහලා තියෙනවා. මේ ගයිඩ්ලයින් කඩන අයට අපි නීතිමය ආකාරයෙන් කටයුතු කරනවා. දැන් ඒ මාර්ගෝපදේශයේ තියෙන බොහෝ දේවල් මේ අලුතින් රෙස්ට්‍රික්ශන්ස් අයින් කරගෙන යනකොට ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. එහෙම කළේ නැත්නම් නඩු දානවා. නැත්තම් මේක බේරගන්න අමාරුයි.
දැන් ෂොපින් මෝල් අරින්න එපා කිව්වා නම් ෂොපින් මෝල් අරින්න බැහැ. එහෙම අරිනවා නම් අපි ඉදිරියේදී ඉතා තදින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පොලිසිය එකතුවෙලා, මම අද උදේත් කතා කළා පොලිස්පතිතුමාට මේ සම්බන්ධයෙන් ඉතාමත් තදින් කටයුතු කරන්න කියලා. ඉතිං ඒ නිසා අපට මේ රට බේරාගන්න පුළුවන්. මේ රෝගය මර්දනය කරනවා කියන එක එහෙම අපට කරන්න පුළුවන්. ඒ සඳහා අපට දැඩි විශ්වාසයක් තියෙනවා. පළමු කොවිඩ් රැල්ලේ දී අපිට ඒක කරගන්න පුළුවන් වුණා. දෙවැනි රැල්ලේ දී කොවිඩ් රෝගය මර්දනය කරගන්න පුළුවන් වුණා. තුන්වෙනි රැල්ලත් මර්දනය කර ගන්නවා කියන එක අපහසු කාර්යක් නෙමෙයි. අපි ඒ ඉලක්කයට යනවා.
එහෙම නම් ඒ සඳහා අපි නීති පනවපුවාම ඒ නීති රටේ ක්‍රියාත්මක කරන්න ඕනෙ. එහෙම ක්‍රියාත්මක වෙන්නෙ නැත්නම් ඒ සඳහා අපි නීතිමය මාර්ගයෙන් - මේ තියෙන දඩය රුපියල් 5000යි දැනට දාලා තියෙන්නෙ, ඒක 50,000ක් හරි දාලා මං ආයෙ ගැසට් එකක් ගහලා මේ රෝගය මර්දනය කිරීම සඳහා අපි ඉලක්කගතව කටයුතු කරන බව මතක් කරමින් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නැවත වතාවක් ස්තූතිවන්ත වෙනවා" යනුවෙනුයි අමාත්‍යවරිය සඳහන් කළේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (23) කළුතර රෝහලේ පැවති උත්සවයකදී මාධ්‍ය අමතමිනි.
(LNW)