අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර කැදවීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් මෙවර අයදුම්පත්‍ර කැදවන්නේ ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පමණයි.
පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙවර පාසැල් අයදුම්කරුවන්ගේ අයදුම් පත්‍ර සදහා විදුහල්පතිගේ නිර්දේශය හෝ අත්සන අවශ්‍ය වන්නේ නැහැ.
එමෙන්ම සාමාන්‍ය පොදු පරීක්ෂණය සදහා ලකුණු 30 ට වඩා අඩු වීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් නොලැබූ අයදුම්කරුවන්ට එම විෂය සදහාද නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකියි.
(Neth)